බදු ආදායම ඩබල් වෙයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් 2022 වර්ෂයේ පළමු කාර්තුවේ දී රැස් කරන ලද රු. මිලියන 146,565 ක බදු ආදායම සමඟ සසඳන විට 2023 වර්ෂයේ පළමු කාර්තුවේ දී රු. මිලියන 316,619ක් දක්වා බදු ආදායමේ වර්ධනය ක් සිදු වී ඇත. එය පෙර වර්ෂයේ පළමු කාර්තුවට සාපේක්ෂව සියයට 216ක වැඩිවීමකි.

රජයේ නව බදු ප්‍රතිපත්තිය මෙන්ම රටේ ආර්ථික ක්‍රියාකාරීත්වය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වීම සහ බදු පරිපාලනයේ කාර්යක්ෂමතාවය වර්ධනය වීම ආදිය මෙම බදු ආදායම ඉහළ යාමට හේතු සාධක වී ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේවෙතත් 2022.10.01 වන දින සිට ක්‍රියාත්මක වූ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද 2022 වසරේ පළමු කාර්තුව සඳහා අදාළ වී නැත. එසේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසන්නේ කොටස් ගනුදෙනු බදු ආදායම අඩුවීමට කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවල පහළ යාමත්, අනෙකුත් බදු එකතු කිරීම පහළ යාම සඳහා ආර්ථික සේවා ගාස්තුව, ජාතිය ගොඩනැගීමේ බද්ද හා ණය ආපසු ගෙවීමේ බද්ද අහෝසි වීමත් බලපා ඇති බවයි.