ඉන්ධන පෝලිම්, තෙල් මිල ඉහළ යාම, තෙල් අර්බුදය හේතුවෙන් පොදු ප්‍රවාහනය ඇණහිටීම යනාදි කරුණු ගණනාවක් නිසා අද රටපුරා විවිධ ස්ථානවලින් ජනතාව මහමඟ අරගල කරන ආකාරය දක්නට හැකිවිය. මේ හේතුවෙන් ප්‍රධාන මාර්ග කිහිපයක බස් ධාවනයට ද බාධා එල්ල විය.
මේ ඡායාරූපවලින් දැක්වෙන්නේ මහ වැසි පවතින අවස්ථාවකදී ද වැස්සේ තෙමෙමින් තෙල් ලබාගැනීම සඳහා පෝලිමේ සිටිමින් ජනතාව විඳින පීඩාව ය.
මේ අතර අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා කියාසිටියේ “එදිනෙදා වැඩ කරන ජීවිතේ පැය කිහිපයක් පෝලිම්වල ඉන්න ගියාම ඇතිවෙන වේදනාව දන්න නිසා, මේ තත්ත්වය මඟ හැරීමට අවශ්‍ය බව අපි පිළිගන්නවා. විසි හතර පැයෙන් විසඳුමක් නොලැබුණත්, අපි ඔබ තව බොහෝ කල් පෝලිම්වල නොතියන බව මතක තබා ගන්න.” යනුවෙනි.