බලු පැටියාට අඩපණ වනතුරු පහරදුන් සැකකරු පොලිස් අත්අඩංගුවට

Picture of අසංක

අසංක

සමාජ ජාල තුළ තුළ මහත් ආන්දෝලනයට තුඩු දුන් කලවාන ප්‍රදේශයේ කුඩා සුනඛයෙකු ඉතා අපහසුවෙන් කෑ ගසමින් සිටින වීඩියෝවේ සුනඛයාට දැඩි ලෙස පහර දුන් පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

එම සිද්ධිය සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු නොවූ බවට සමාජය තුළින් පොලිසියට චෝදනා එල්ල වෙමින් තිබුණි.

මේ තත්ත්වය පිළිබඳ දැනගත් පොලිසියේ නීති කොට්ඨාසය විසින් කලවාන පොලිස් ස්ථානයේ වැඩ බලන පොලිස් ස්ථානාධිපති වෙත නිසියාකාර විමර්ශන සිදුකරයි විමර්ශනයක් සිදු කරන්නැයි උපදෙස් ලබා දීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු කලවාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඉන් අනතුරුව නඩු පැවරීමේ කටයුතු කටයුතු සිදුකෙරෙන බව පොලිස් මූලස්ථානය පවසයි.