බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව සහ වයඹ පළාත්වලත් අනුරාධපුරය දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ සහ රාත්‍රී කාලයේ ප්‍රබල අකුණු සමග ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කළේ, අකුණු සහිත තත්ත්වය අද රාත්‍රී 9.00 දක්වා පැවතිය හැකි බවයි.
ගිගුරුම් සහිත වැසි සමග පැයට කිලෝමීටර් 70-80 දක්වා කෙටි කාලීන තද සුළං ද ඇති විය හැකි අතර අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.