බස්නාහිර පළාතේ ‍හිස එසවූ ‍ඩෙංගු පහළ යයි

Picture of අසංක

අසංක

ගෙවී ගිය ජූලි මාසයේ බස්නාහිර පළාත තුළ ඩෙංගු සීග්‍ර හිස එසවීමක් සිදුවූවත් අගෝස්තු මාසයේදී සැලකිය යුතු ප්‍රමාණයකින් එය පහළ බැස ඇත.

අගෝස්තු මාසයේ මේ දක්වා බස්නාහිර පළාතින් හමුවී ඇත්තේ ඩෙංගු රෝගීන් 503 දෙනෙක් පමණි. එහෙත් ජූලි මාසයේදී එම ගණන සටහන් වූයේ 2232 ක් ලෙසිණි. කොවිඩ් ව්‍යාප්තිය හමුවේ මේ ආකාරයට ඩෙංගු හිස එසවීම ගැල සෞඛ්‍ය අංශය බිය පලකල අතර ජනතාව වහාම සිය පරීශ්‍ර පරිසිදුකරමින් ඩෙංගු මදුරුවා ව්‍යාප්තවීමට ඉඩ ඇති පරිසර පද්ධතිය විනාශ කිරීම හේතුවෙන් අගෝස්තු මාසයේ රෝගීන් ඉතා පහළ අගයක් ගත් බව සෞඛ්‍ය අංශවල විශ්වාසයයි.

මෙම වසරේ අගෝස්තු මාසයේ බස්නාහිර පළාතේ තතත්වය මේ ආකාරයට පහළ අගයක් ගත්තද 2020 වසරේ එම ගණන පැවැතියේ 537 ක් ලෙසිණි. එසේම ගිය වසරේ ජූලි මාසයේ එම ගණන 676 කි. එහෙත් 2019 වසරේ අගෝස්තු මාසයේ නම් බස්නාහිර පළාතේ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව සටහන් වූයේ 5057 ක් ලෙසිණි. ජූලි මාසයේ තත්වය 4753 කි.

මෙම වසරේ මේ වන විට මුළු රටෙන්ම ඩෙංගු රෝගීන් 17622 දෙදෙනෙක් වාර්තා වී ඇති අතර බස්නාහිර පළාතින් පමණක් වාර්තා වී ඇති රෝගීන් ගණන 8919 කි. එය සමස්ත රටින්ම වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ ප්‍රතිශතයක් ලෙස සැලකූ කල බස්නාහාර පළාතින් හමුවී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව සියයට 49.4 කි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් 5462 ගම්පහ දිස්ත්‍රික්කයෙන් 2341 දෙනෙක්ද කළුතර දිස්ත්‍රික්කයෙන් 1116 දෙනෙක්ද වශයෙන් මෙම වසරේ බස්නාහාර පළාතින් මෙතෙක් ඩෙංගු රෝගීන් හමුවී තිබේ.

බස්නාහිර පළාතින් මෙතෙක් හමුවී ඇති ඩෙංගු රෝගීන්ගෙන් අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක් රෝගීන් හමුවී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එය ප්‍රතිිශතයක් ලෙස ගත් කල සියයට 61.2 කි.