බස්නාහිර සිරවූ තවත් 1200ක් ගම්බිම් වෙත

Picture of අසංක

අසංක

ඇදිරි නීතිය හේතුවෙන් නිවෙස්වෙත යාමට නොහැකිව බස්නාහිර පළාතේ කොටුවී සිටි තවත් 1200 ක පිරිසක් සිය ගම්බිම් බලා ඊයේ(09) පිටත්කර හැර තිබේ.

ගල්කිස්ස පොලිස් කොට්ඨාශයේ පොලිස් වසම් 10 ක රැදී සිටි පිරිසක් ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ 40 කින් එසේ පිටත්කර යැවූ බව පොලීස් මූලස්ථානය සදහන් කරයි.

මෙම පිරිස රත්මලාන දුම්රිය ක්‍රීඩාංගනයට රැස්කර අවශ්‍ය උපදෙස් ලබාදී විෂබීජහරණයකට ලක්කර පිටත් කර යවා තිබුණි.

මෙසේ ගම්බිම් බලා පිටත්කර යැවුණේ සිව් වැනි කණ්ඩාමයි.