බහුතරය ලැබුණොත් 19 ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කරනවා – ජනපති ඉන්දියාවට කියයි

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුලත් ඇතැම් කරුණු ක්‍රියාවට නැංවිය නොහැකි බවත් විශේෂයෙන් පළාත්සභා සඳහා පොලිස් බලතල ලබාදීම කිසිසේත් කල නොහැකි බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දියාවේ “ද හින්දු” පුවත්පත සමග සාකච්ජාවකට එක්වෙමින් අවධාරණය කර ඇත.

ඒ සම්බන්ධයෙන් ගතහැකි වෙනත් ක්‍රියා මාර්ග ගැන තමන් සාකච්ජා කිරිමට බලාපොරොත්තු වෙන බවද රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කර ඇත.

දමිල ජනතාවට යහපත් ජිවිතයක් සහ ඔවුන්ව සංවර්ධනය කිරිම වඩාත් වැදගත් වන බවත් එම ජනතාවගේ නිදහස හා දේශපාලන අයිතිවාසිකම් සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැනටමත් ප්‍රතිපාදන ඇති බවත් ජනපතිවරයා මෙහිදී පවසා ඇත.

පාර්ලිමේන්තුවේ 2/3 ක බහුතර බලයක් ලැබුනහොත් 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරිමට වහා කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා “ද හින්දු” පුවත්පතට ප්‍රකාශ කර ඇත.