‘බ්‍රික්ස්’ තවත් ශක්තිමත්වේ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

බ්‍රික්ස් කණ්ඩායමේ පූර්ණ සාමාජිකත්වය ලබා ගැනීමට, තවත් රටවල් 6ක් සූදානම් වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊජිප්තුව, ඉතියෝපියාව, ඉරානය, ආජන්ටිනාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ සෞදි අරාබිය යන රටවල් සඳහා ඒ සඳහා ආරාධනා සිදු කර ඇති බවය.

ඒ අනුව දැනට බ්‍රික්ස් කණ්ඩායම නියෝජනය කරන බ්‍රසීලය, රුසියාව, චීනය, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව යන රටවල් සමඟ එම රටවල් එක් වීමට නියමිතය.

ලබන වසරේ ජනවාරි මස පළමු වන දා සිට නව රටවල සාමාජිකත්වය ක්‍රියාත්මක වන බව Johannesburg හී දී පැවැත්වෙන බ්‍රික්ස් සමුලුවේ දී දකුණු අප්‍රිකානු ජනාධිපති Cyril Ramaphosa ප්‍රකාශ කර ඇත.