බ්‍රසීලයේ නව කොවිඩ් ප්‍රභේදය  ලෝකෙටම තර්ජනයක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
බ්‍රසීලයේ ව්‍යාප්ත වන P1 යනුවෙන් හඳුන්වන කොවිඩ් වෛරස ප්‍රභේදය පාලනය කිරිමට ඉක්මන් පියවර නොගත හොත්  එය කොවිඩ් වෛරසයට එරෙහිව සිදුකරනු ලබන ගෝලීය සටනට බරපතල තර්ජනයක් වනු ඇති බව  ලොවපුරා  විද්‍යාඥයින්ව හා විශේෂඥයින්  අනතුරු අඟවා සිටී .
බ්‍රසීල සෞඛ්‍ය බලධාරීන් මේ වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට විධිමත් පියවර මෙතෙක් ගෙන නොමැති බවද  මෙම විශේෂඥයින් චෝදනා කර සිටී.
මේ වන විටත් මෙම නව වෛරස් ප්‍රභේදය ලොව පුරා රටවල් 15කින් වාර්තා වී ඇති අතර . කොවිඩ් වෛරසය මිට පෙර ආසාදනය වූ පුද්ගලයින්ට වුවද ඔවුන්ගේ සිරුරේ ඇතිවන ප්‍රතිශක්තිය මඟහරවමින් යලි ආසාදිතයින් බවට පත් කිරීමේ හැකියාව මෙම නව වෛරස් ප්‍රභේදයට හැකියාව ඇති බව විද්‍යාඥයින් පවසයි .
බ්‍රසීලයේ ඊයේ දිනයේදී කොවිඩ් මරණ 2,349ක් වාර්තා වී ඇති අතර ආසාදිතයින් 80,955ක් වාර්තා වී තිබෙ. එමෙන්ම එරට රෝහල් ද මේ වන විට උපරිම ධාරිතාවයට පැමිණ ඇති බවයි සෞඛ්‍ය අංශ පවසයි
මේ දක්වා බ්‍රසීලයේ ජනතාවට කොවිඩ් මර්ධන එන්නත ලබාදීම ආරම්භ කර නොමැති අතර එන්නත ලබාදීම තවදුරටත් ප්‍රමාද වුවහොත් එය බ්‍රසීලය තුල කොවිඩ් ව්‍යාප්තියේ අදුරුතම කාලපරිච්ජේදය ඉදිරි සති කිහිපයේදී දැක ගත හැකිවනු ඇති බවට විද්‍යාඥයින් අනතුරු අඟවා සිටි.