බ්‍රැන්ඩික්ස් එකට කොරෝනා ආව හැටි සොයා ගනී

Picture of අසංක

අසංක

සීදුවේ හෝටලයක නවාතැන් ගෙන සිටි යුක්රේන ජාතික ගුවන්යානා කාර්ය මණ්ඩල සාමාජිකයා මගින් එම රෝහල් කාර්ය මණ්ඩලයට සහ ඒ හරහා බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සාමාජිකයින්ට කෝවිඩ් ආසාදනය වන්නට ඇතැයි, බොහෝ දුරට අනුමාන කෙරෙන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය අද (07) පාර්ලිමේන්තුවේදී අනාවරණය කර සිටියාය.

, කොවිඩ් 19 දෙවන රැල්ල ඇතිවීම හා ව්‍යාප්තියට අදාළ හේතු පිළිබඳ රජය හඳුනාගෙන තිබේ ද යන්න සම්බන්ධයෙන් මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා කළ ප්‍රශ්න කිරීමට පිළිතුරු ලෙස ඇය මේ බව සඳහන් කලාය .

එහිදී රාජ්‍ය අමාත්‍යවරිය පැවසුවේ, අදාළ හෝටලයේදී ආසාදිත යුක්රේන ජාතිකයා හඳුනා ගැනීමෙන් පසු එම හෝටලයේ කාර්ය මණ්ඩලය පරීක්ෂා කිරීමේදී එහි සේවකයින් කිහිපදෙනෙකු ද ආසාදිතයින් ලෙස හඳුනා ගත් බවය.

ඔවුන් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ කාර්ය මණ්ඩලය සමග යම් සම්බන්ධතා පැවති බව නිරීක්ෂණය වී ඇතැයිද ඒ අනුව ඔවුන් හරහා කර්මාන්ත ශාලාවට කොරෝනා ව්‍යාප්ත වන්නට ඇති බවට අනුමාන කෙරෙන බවද ඇය වැඩිදුරටත් පැවසුවා ය.