එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මීලග සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ යෝජනාවක් ඉදිරිපත් කිරීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර තිබේ.
ඒ අනුව ජගත් මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් රටවල් පහකින් සමන්විත කණ්ඩායමේ පොදු යෝජනාවක් ලෙස එය ඉදිරිපත් කිරීමට නියමිත බවද එරට රජය නිවේදනය කරයි.
අදාල යෝජනාව මගින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සහ සංහිදියාව වර්ධනය කිරීම මූලික අරමුණ වන බවද බ්‍රිතාන්‍යයේ ජිනීවා නිත්‍ය නියේජිත ජූලියන් බ්‍රේත්වේට් ජගත් මානව හිමිකම් කවුන්සිලයට දැනුම් දී තිබේ.
මෙම යෝජනාව ඉදිරිපත් කිරීම මගින් 2015 දී ආරම්භ කළ වැඩි සටහන් ශක්තිමත්ව ඉදරියට ගෙනයාමට බලාපොරොත්තු බන බවද ඔහු එමහිදී වැඩිදුරටත් සදහන් කර ඇත.
සචිත සේනාරත්න