බ්‍රිතාන්‍යයෙන් හමුවූ නව කොරෝනා වෛරස් ප්‍රභේදය මැඩපවැත්වීමට හැකි නවතම එන්නතක් ඇමෙරිකාවේ නිෂ්පාදනය කර ඇත
Novavax නම් වන මෙම එන්නතෙහි සාර්ථකභාවය 89 .3% ක් ලෙස සටහන් වු බව ඒ පිළිබඳව . බ්‍රිතාන්‍යයේදී පැවැත්වූ සායනික පරීක්ෂණයකින් හෙළි වී තිබේ.
මෙය සුබ ආරංචියක් සේ සලකන බව ප්‍රකාශ කර ඇති බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බෝරිස් ජොන්සන් , මෙම එන්නතට එරට ඖෂධ නියාමන ඒකකයේ අවසරය කඩිනමින් ලැබෙනු ඇති බවටද විශ්වාසය පළකර ඇත .
බ්‍රිතාන්‍යය මෙම එන්නත් මාත්‍රා මිලියන 60 ක් මිලදී ගැනීමට එකඟවී ඇතැයි ද වාර්තාවේ .