බ්‍රිතාන්‍යයේ නව ප්‍රභේදය මඬින ඉරාන කොවිඩ් එන්නත

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
ඉරානයේ නිපදවන ලද “කොව්ඉරාන් බරකත්” නැමැති කොවිඩ් මර්දන එන්නත, බ්‍රිතාන්‍යයේ පැතිර යන කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයට එරෙහිව සාර්ථක ප්‍රථිඵල පෙන්නුම් කර ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර ඇත .
ඒ අනුව එරට සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ, එන්නත අත්හදා බැලීම සඳහා එන්නත්කරණයට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ පුද්ගලයින්ගේ රුධිර සාම්පල පරීක්ෂාවෙන් එය තහවුරු වී ඇති බවය.
මීට පෙර බ්‍රිතාන්‍යයේ නිපදවූ නොවාවැක්ස් එන්නත ද කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයට එරෙහිව සාර්ථක ප්‍රථිඵල පෙන්නුම් කර ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණ කර ඇත .