අද උදෑසන 08.00 සිට ඇරඹූ වෛද්‍ය වැඩවර්ජනය මාතෘ සහ ළමා රෝහල් හැර රජයේ සෙසු සියලු රෝහල්වල ක්‍රියාත්මක බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
ඖෂධ හිඟය, බාල ඖෂධ සහ වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප‍්‍රමිතියක් නීතිගත නොකිරීම ඇතුළු කරුණු 08ක් මුල්කර ගනිමින් මෙම වැඩවර්ජනය සිදු කරන බවයි ඔවුන් පැවසුවේ. ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දැක්වූ එහි සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා කියා සිටියේ රෝගී ජනතාවට බාල බෙහෙත් මදිවට බාල වෛද්‍යවරු යන තේමාව යටතේ මෙය සිදු කෙරෙන බවයි.
රජයේ දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද සිය වැඩවර්ජනයට සහය දක්වන බව වෛද්‍ය නවීන් ද සොයිසා මෙහිදී කියා සිටියා.
කෙසේවෙතත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය පවසන්නේ අද සිදු කෙරෙන වැඩවර්ජනයට තමන් එක් නොවන බවයි. මෙම වැඩවර්ජනය දේශපාලන උවමනාවක් වෙනුවෙන් කැඳවා තිබෙන්නක් බවට ද ඔවුන් චෝදනා කළා. එහි ලේකම් වෛද්‍ය නිරෝෂන පේ‍්‍රමරත්න වැඩි දුරටත් කියා සිටියේ රෝගියාගේ අයිතිවාසිකම් ඉදිරියට දමමින් මේ සිදු කරන්නේ දේශපාලන අරමුණු ඉටුකර ගැනීමක් බවයි. මෙම වැඩවර්ජනය ඉතාම අසාධාරණ බවයි ඔහු කියා සිටියේ.
වැඩවර්ජනයට මුල්කර ගෙන ඇති හේතු ව්‍යාජ ඒවා බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. තමන්ට ඇති අධ්‍යාපන සුදුසුකම් මොනවාදැයි රටට හෙළි කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අභියෝගයක් ද කරන බවයි වෛද්‍ය නිරෝෂන පේ‍්‍රමරත්න පැවසුවේ.