බැංකු සමාගම්වලට ආයෝජකයින්ගේ උනන්දුව වැඩිවෙයි!

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න


අද (08) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපීපෙනෙන ඉහළ යාමක් වාර්තා විය.

දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 96.22 කින් ඉහළ ගොස් ඒකක 8,926.58 ක් ලෙසින් වාර්තා වූ අතර S&P SL20 දර්ශකය ඒකක 34.37කින් ඉහළ ගොස් ඒකක 2,593.44 ක් ලෙසින් වාර්තා විය.

රු. මිලියන 885.20 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා වී තිබුණි.

අද දින සියලු කොටස් මිල දර්ශකයේ හැසිරීමට සම්පත් බැංකුව, කොමර්ෂල් බැංකුව, හැටන් නැෂනල් බැංකුව සහ NDB බැංකුව ඇතුළු සමාගම් 87කින් ඉහළ ධනාත්මක දායකත්වයක් ලැබී තිබුණි.