බැග්ඩෑඩිට අල්ලා දෙවියන් දඬුවම් දුන්නා – ජමෙයිතුල් උලමා

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

අයිඑස්අයිඑස් ත්‍රස්ත සංවිධානයේ නායකයා වන අබු බකර් අල්-බැග්ඩැඩිගේ මරණය ,අල්ලා දෙවියන් ඔහුට ලබාදුන් දඬුවමක්‌ වන බව සමස්ත ලංකා ජමියාතුල් උලමා සංවිධානය අවධාරණය කර සිටී.

අබු බාකර් අල් බැග්ඩැඩිගේ මරණය , ත්‍රස්ත උවදුර ලෝකයෙන් මුළුමනින්ම තුරන් කිරීමේ වැඩසටහනේ වීශාල ඉදිරි පියවරක් බවත් සමස්ත ලංකා ජමියාතුල් උලමා සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර ඇත.

අයිඑස්අයිඑස් සංවිධානය මානව වර්ගයාට එරෙහිව බොහෝ කුරිරුකම් සිදු කර ඇති බවත්“ශ්‍රී ලංකාවේ සහ ලෝකයේ වෙනත් රටවල අයිසිස් ත්‍රස්ත ප්‍රහාරයෙන් පීඩාවට පත් වූවන්ගේ යාඥා වලට අල්ලාහ් පිළිතුරු දී ඇති බවත්, මෙම නිවේදනයේ දැක්වේ