බැටික්ලෝ කැම්පස් හි බැංකු ගිණුම් පිළිබඳ විමර්ශනයක්

Picture of අසංක

අසංක

බැටික්ලෝ කැම්පස් ආයතනයට අයත් බැංකු ගිණුම් පිළිබඳ සියලු විස්තර ලබාදෙන ලෙස, පසුගිය සිව්වසර තුළ රාජ්‍ය ආයතනවල වංචා දූෂණ සොයාබැලීමට පත්කළ ජනාධිපති විමර්ශන කොමිසම ලංකා බැංකුව වෙත දැනුම් දී තිබේ.

2016 මාර්තු මාසයේ සිට 2017 මාර්තු මාසය දක්වා කාලසීමාව තුළ බැටික්ලෝ කැම්පස් ආයතනයේ බැංකු ගිණුම් තොරතුරු ඇතුළත් සවිස්තර වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති කොමිසම ලංකා බැංකුවේ මෙහෙයුම් කළමනාකරු වෙත දැනුම් දී ඇත.

බැටික්ලෝ කැම්පස් ආයතනය සඳහා විදේශවලින් ලැබුණු අරමුදල් සම්බන්ධයෙන් තොරතුරු විමර්ශනයට ජනාධිපති කොමිසම එම දැනුම් දීම කර තිබේ.