බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් වන වෝහාරික විගණන කටයුතු එළඹෙන ඔක්තෝබර් මාසය අවසන් වීමට පෙර නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව, ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටී .
ජාත්‍යන්තර ආයතන දෙකක් මේවනවිට මහබැංකු බැඳුම්කර විගණන 5 ක් සම්බන්ධයෙන් කටයුතු සිදුකරමින් ඇති බවද මහබැංකුව සඳහන් කර සිටී.
සිදුවන වෝහාරික විගණනවලින් පසු ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළ ඉදිරි විමර්ශන සම්බන්ධයෙන්, නීතිපති උපදෙස් යළි ලබා ගැනීමට නියමිතය .