බැරිම තැන සජිත් ගෝඨාට යැවූ ලිපිය

Picture of අසංක

අසංක

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යවා තිබේ.

ඒ තමන් මීට දින 10කට පමණ පෙර ගෝඨාභය රාජපක්ෂ මහතාට ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන කරන ලද ඇරයුම ලිඛිතව ඉදිරිපත් කරමිනි.

සමාජ මාධ්‍ය හා වේදිකාව ඔස්සේ මෙම ඇරයුම කළ ද ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කිසිදු ප්‍රතිචාරයක් නොමැති බැවින් මෙම ඉල්ලීම විධිමත් අයුරින් ඉටු කිරීමට තමන් තීරණය කළ බවද ඔහු පවසා ඇත.

ඉතා ඉක්මනින් මේ සඳහා ප්‍රතිචාර අපේක්ෂා කරන බව ද හෙතෙම කියාසිටියි.