මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පුද්ගලික සංචාරයක් සඳහා අද අලුයම විදේශගත වී ඇත.
අද අලුයම 02 යි 55 ට කටුනායක ගුවන් තොටුපළින් පිටත්වූ එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් අමාත්‍යවරයා ඩුබායි බලා පිටත්ව ගොස් ඇති අතර මේ අසන්චාරය සති කිහිපයක සංචාරයක් වනු ඇති බවටද වාර්තාවේ .
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සමග ඔහුගේ බිරිඳ ද ඩුබායි වෙත ගොස් ඇති බව දැනගන්නට ඇත .
පෞද්ගලික සංචාරයක් සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද ඉකුත් දා සිංගප්පූරුව බලා පිටත්ව ගියේය ..
පවතින තත්ත්වය හමුවේ මෙරට ආර්ථිකය ස්ථාවරත්වය තහවුරු කරමින් සංවර්ධනය පවත්වා ගැනීම සම්බන්ධයෙන් විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් බැසිල් ඇමතිවරයා රටින් පිටව යාමට පෙර ඊයේ අරලියගහ මන්දිරයේදී පැවැත්විය.
ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්, අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, දිස්ත්‍රික් ලේකම්වරු සහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු නියෝජිතයින් ඒ සඳහා එක්ව සිටියහ.