බැසිල් රාජපක්ෂ මහතා අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ නව මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.
එසේම ඉන් අනතුරුව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා , පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අද පෙරවරුවේ කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය .
පාර්ලිමේන්තු සභා ගර්භයේ ආණ්ඩු පක්ෂයේ ඉදිරි පෙළ 09 වන අසුන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට වෙන් කර ඇති බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සදහන් කළ අතර . පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ 07 වන සහ 08 වන අසුන් වෙන් වන්නේ අග්‍රාමාත්‍යවරයාට සහ ජනාධිපතිවරයාටය. ඒ අනුව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට ජනාධිපතිවරයාට දකුණු පසින් පිහිටි අසුන හිමිවේ..
ඒ අනුව මෙතෙක් මුදල් අමාත්‍යවරයා ලෙසද කටයුතු කල අගමැති මහින්ද රාජපක්ෂ මහතා ආර්ථික ප්‍රතිපත්ති සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යවරයා ලෙස අ අද දිවුරුම් දෙනු ලැබීය .