බිම් මට්ටමේ මානව ආරක්‍ෂණය සඳහා ජපානයෙන් ආධාර .

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

බිම් මට්ටමේ මානව ආරක්ෂණය සඳහා වන ආධාර ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 12ක ආධාර මුදලක් මෙරටට ලබාදීමට ජපන් රජය පියවර ගෙන ඇත .

මීට අදාළ ආධාර ගිවිසුම සඳහා අත්සන් තැබිම කොළඹ පිහිටි ජපන් තානාපති කාර්ලයාලයේදී පසුගියදා ජපන් තානාපති සුගියම අකිරා මහතා සහ ටෙක් සිලෝන් ආයතනයේ මෙහෙයුමි අධ්‍යක්ෂ නඩරාජ් සෙන්තිල්රූබන් මහතා අතර සිදුකෙරින .

මෙම ආධාර යටතේ , මුලතිවි දිස්ත්‍රික්කයේ පොල් තෙල් නිෂ්පාදනයට අවශ්‍ය පහසුකමි ස්ථාපිත කිරීම සඳහා වෙන්කෙරෙන අතර
ටෙක් සිලෝන් ආයතනයල සුළු පරිමාණ පොල් තෙල් නිෂ්පාදන පහසුකමි ඇතිකිරීම සඳහා විශ්වමඩුල තුනක්කායි සහ නැදුන්කනි යන ප්‍රදේශ වල ක්‍රියාත්මක වන සමූපාකාර සමිති තුනක් සඳහා ආධාර ලබා දෙනු ලැබේ .

විශේෂයෙන් ගෘ යුද්ධය නිසා උතුරු පළාතේ විනාශ වී ගිය පාරමිපරික කර්මාන්ත හා ක්‍රියාකාරකමි ආශ්‍රිත කුසලතා හා අත්දැකීමි වැඩිදියුණු කර ගැනීමට මේ හරහා අවස්තාව ලැබෙන බව ජපන් තානාපති කාර්යාලය සඳහන් කර සිටී .

මෙම ආධාර මුදල පිළිබඳව අදහස් දක්වමින් සෙන්තිල්රූබන් මහතා ප්‍රකාශ කර මෙසේ පැවසීය.

ජපන් අපට අනුග්‍රහය දැක්වීමට තීරණය කිරීම පිළිබඳව ටෙක් සිලෝන් ආයතනය ඉතාමත් සතුටට පත් වුනා. විශේෂයෙන් මෙරට දිළිඳු බව ඉතා ඉහළ ප්‍රදේශ තුල නිශ්පාදනය වැඩි කිරීමට සිදුකරන මෙම මැදිහත් වීම මුලතිවී දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ආර්ථිකය දියුණු කිරීමට උපකාර වනවා මෙන්ම කාර්මික පුහුණුව ඉදිරියට ගෙනයාම සඳහා විශාල වශයෙන් සහාය වීමක් සිදුවෙනව .