හංවැල්ලේ නිවසකදී ඊයේ වෙඩි තබා ඝාතනය කර ඇත්තේ පස් වෙළඳාම් ව්‍යාපාරිකයකු බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
ඝාතකයන් නිවසට පැමිණි අවස්ථාවේදී ව්‍යාපාරිකයා නොසිටි බැවින් ඔහුගේ බිරිඳ බියගන්වා සැමියාට දුරකථන ඇමතුමක් දෙන ලෙස ඝාතනයන් තර්ජනය කර ඇත.
ඔවුන් බිරිඳට පවසා ඇත්තේ දරුවාට හදිසියේ අසනීප වී ඇති බැවින් ඉක්මනින් එන්නැයි පවසන ලෙසයි.
ලද ඇමතුම අනුව ව්‍යාපාරිකයා වහා පැමිණ ඇති අතර ඔහු ගෝලයා ද ගෙන්වා ඇත.
ව්‍යාපාරිකයා නිවසට යත්ම ඝාතකයන් ඔහු හා ගෝලයාට වෙඩි තබා ඝාතනය කර තිබේ.
පොලීසිය මේ පිළිබඳ වැඩිදුරටත් විමර්ශන පවත්වයි.