දම්පත් රණසිංහ
මත්පැන් පානය කර අශෝභන ලෙස හැසිරෙමින් ජනතාවට හිරිහැරයක්වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් කළුතර ගල්පාත බහුරුපොල ප්‍රදේශයේදී ජනතාව විදුලි කණුවක බැද පෙරේදා (21) පොලීසියට භාරදී තිබේ.
ගස්බැද පොලීසියට භාරදී ඇත්තේ පානදුර ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රීවරයෙකි. එම මන්ත්‍රීවරයා සුළු පක්ෂයක් නියෝජනයක කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟකර මන්ත්‍රීවරයෙක් වූ අයෙක් බව පොලීසිය සඳහන් කරයි.
මෙම මන්ත්‍රීවරයා තවත් පිරිසක් සමඟ ගල්පාතට පැමිණ මත්පැන් පානය කර පසුව මිතුරන්ගෙන් වෙන්ව සූදුපොලට ගොස් අශෝභන ලෙස හැසිරී ඇතැයි පොලීසිය සඳහන් කරයි.
මොහුගේ හැසිරීම ප්‍රදේශවාසීන්ට මහත් හිරිහැරයක් වු තැන ඔහුව විදුලි කණුවේ ගැටගසා ඒ බව පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දී තිබේ. ඒ අනුව පොලීසිය එහි පැමිණ මන්ත්‍රීවරයාව සිය භාරයට ගෙන නාගොඩ රෝහලට රැගෙනගොස් වෛද්‍යවරයෙකුට ඉදිරිපත් කළ බවත් එහිදී ඔහු බීමත්ව සිටි බව තහවුරු වූ බවත් කළුතර කොට්ඨාශයභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස මහතා සඳහන් කළේය.