බෙන් ස්ටොක් නවසීලන්තයට යයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් පාකිස්තානය සමගින් පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ ඉතිරි තරග ද්විත්වයට සහභාගි නොවන බව වාර්තා වේ.

පෞද්ගලික හේතුවක් මත ඔහු සිය උපන් රට වූ නවසීලන්තය බලා පිටත්ව යාම මීට හේතුව බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. ස්ටෝක්ස්ගේ පියා වූ බෙන් පසුගිය කාලය පුරාම යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් නොසිටීමද මීට හේතුවක් වී තිබේ. පාකිස්තානය සමගින් පසුගියදා පැවති පළමු තරගයේදී බෙන් පිත්තෙන් සාර්ථක නොවුණද, පාකිස්තානු දෙවැනි ඉනිමේ කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය. එය එංගලන්ත ජයග්‍රහණයට ප්‍රබල සාධකයක් විය.