කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වසංගතයට මුහුණදීම සඳහා ශ්‍රී ලංකාවට ඖෂධ තොගයක් රැගත් විශේෂ ගුවන් යානයක් අද පැමිණ තිබේ.
මෙරටින් කරන ලද ඉල්ලීමකට අනුව ඖෂධ ටොන් 10ක තොගයක් මෙලෙස එවා ඇත.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා විසින් දැක් වූ මෙම සහයෝගය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ප්‍රශංසාව පළ කළේ ය.