බොදු බල සේනා සංවිධානය විසින් පවත්වන තරුණ සමුළුව අද (14දා) නුගේගොඩදී පැවැත්වීමට නියමිතය.
අද පස්වරු 2.00ට නුගේගොඩ එළිමහන් ආනන්ද සමරකෝන් රංඟ පීඨයේදී සමුළුව ආරම්භවිමට නියමිතව තිබේ. අද දිනයේදී බොදු බල සේනා සංවිධානයේ ඉදිරි ජනාධිපතිවරණය පිලිබද දේශපාලන තීන්දුව ගැන බොදු බල සේනා මහලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ප්රකාශයක් සිදුකරනු ඇතැයිද වාර්තා වෙනවා.
එසේම බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමිට විකල්ප පොදු අපේක්ෂකයෙකු ලෙස එළෙඹෙන ජනාධිපතිවණය සඳහා ඉදිරිපත් වීමට පාර්ශව කිහිපයකින් ආරාධනා ලැබී ඇති බව වාර්තා වෙනවා.