දම්පත් රණසිංහ
ජනාධිපති කාර්යාලය ඇතුළු රජයේ ආයතනවල වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි අසත්‍ය පුවතක් නිවේදනයක් ඔස්සේ පළ කළ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය නමැති සංගමයක සභාපති බව කියන යසිරු කුරුවිටගේ අද (09) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් එම සැකකරු ඊයේ (08) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය හමුවට ඉදිරිපත් කළාය.
එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම සැකකරු විසින් ‘ජනාධිපති කාර්යාලය ඇතුළු රජයේ ආයතනවලට සයිබර් ප්‍රහාරයක්’ යනුවෙන් අසත්‍ය පුවතක් ලියාපදිංචි නොකර පවත්වාගෙන යන සංගමයක් වන ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය නමින් ඇති සමාජ මාධ්‍ය පිටුවක පළ කර තිබු බවයි.