බෝගම්බර දෙවන අදියර හෙට ඇරඹේ

Picture of අසංක

අසංක

බෝගම්බර බන්ධනාගාරය පැවති භූමිය නවීකරණය කොට සංවර්ධනය කිරීම සදහා රජය දියත් කර ඇති ව්‍යාපෘතියේ දෙවැනි අදියර හෙට 24 ව දින ආරම්භවේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සමාරම්භක උත්සවය පැවැත්වීමට නියමිතය උත්සවය පැවැත්වීමට නියමිතය.

නවීකරණය කොට ඇති පළමු අදියරේ සංවර්ධන කටයුතු යටතේ බෝගම්බර බන්ධනාගාර උද්‍යාන පරිශ්‍රයේ පිටත ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කොට ඇති අතර, එය ජාත්‍යන්තර තොරතුරු මධ්‍යස්ථානයක් සහ මහජන උද්‍යානයකින් යුක්තය.

මීට අමතරව උඩරටට අවේනික සංස්කෘතිකාංග ඉදිරිපත් කිරීම සදහා එලිමහන් වේදිකාවක්ද ඉදි කොට ඇති අතර, සංචාරකයන් සදහා දේශීය සංස්කෘතිකාංග ඉදිරිපත් කිරීම සදහා එය යොදා ගැනීමට අපේක්ෂිතය.

මහනුවර නගරයේ ඓතිහාසික සහ සංස්කෘතිකමය වටනාකම ආරක්ෂා වන පරිදි මල්වතු සහ අස්ගිරි මහනායක ස්වාමීන් වහන්සේලාගේ ආශිර්වාදයද ඇතිව දියත් කොට ඇති මෙම වැඩසටහන තුළින් දෙස් විදෙස් සංචාරක ව්‍යාපාරයටද ශක්තියක් ලැබෙනු ඇති බව රජය අපේක්ෂා කරයි.