ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් කිරීමේ අමාත්‍යවරයා යටතට මුදල් අමාත්‍යාංශය යටතේ තිබූ අරමුදල් 3ක් පවරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව බුද්ධ ශාසන අරමුදල, බෞද්ධ පුනරුද අරමුදල සහ මධ්‍යම සංස්කෘතික අරමුදල දැන් පවරා ඇත්තේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා හොබවන ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් කිරීමේ අමාත්‍යාංශය යටතේ ය.
මුදල් අමාත්‍යවරයා ලෙස බැසිල් රාජපක්ෂ මහතා ඊයේ දිවුරුම් දුන් අතර එම අමාත්‍යාංශය යටතේ තිබූ අරමුදල් මෙලෙස ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් කිරීමේ අමාත්‍යාංශය යටතට පත්කර ඇත.