මහනුවර, තලාතුඔය, ගාල්තැන්න මහාභද්රකාලි දේවාලයෙන් සොරාගත් රන් කොල්ලයට සම්බන්ධ සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මාර්ගය දෙපස සවිකර තිබී සී.සී.ටී.වී දර්ශන පරික්ෂාකිරිමෙන් පසු සැකකරුවන් පැමිණි ත්රිරෝදරථය තලාතුඔය පොලිසිය විසින් සොයා ගෙන තිබේ.
ඊයේ දේවාලයට පැමිණි පුද්ගලයින් 06 දෙනෙකු විසින් එහි සිටි පුද්ගලයින් බිය ගන්වා අත්පා ගැටගසා රුපියල් ලක්ෂ 04කට පමණ මුදලක් සහ රත්රං කිලෝග්රෑම් 10කට අධික ප්රමාණයක් කොල්ලකා තිබුණි.
කෝටි 5ක් පමණ වටිනා රන් මෙසේ කොල්ලකා තිබූ බව ඊයේ වාර්තා විය