භාරතීය ජනතා පක්‍ෂය, ශ්‍රී ලංකාවට ?

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද නියෝජනය කරන BJP හෙවත් භාරතීය ජනතා පක්ෂය ශ්‍රී ලංකාව තුළ ද පිහිටු වීමට සැලසුම් කර ඇති බව වාර්තාවේ .

එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන ඉන්දීය නිවාස අමාත්‍ය අමිත් ශාහා ඒ පිළිබඳ නිල ප්‍රකාශයක් සිදු කර ඇති බව ඉන්දියාවේ එන් ඩී ටී වී පුවත් සේවය අද වාර්තා කළේය .

ඉන්දියාවේ පැවැති මහජන සමුළුවකදී ඔහු පවසා ඇත්තේ අසල්වැසි ශ්‍රී ලංකාව තුළ භාරතීය ජනතා පක්ෂයක් ඇති කිරීමට පක්ෂය විසින් අදහස් කරගෙන ඇති බවය.

. ශ්‍රී ලංකාව තුළ පක්ෂය භාරතීය ජනතා පක්ෂය ස්ථාපනය කිරීමෙන් පසු මැතිවරණයන්ට ඉදිරිපත් වීමටද ඔවුන් සැලසුම් කර ඇති බව ඉන්දීය මාධ්‍යන් හි සඳහන්වේ.

. ශ්‍රී ලංකාවට අමතරව ඉදිරි කාලය තුළ නේපාලයේ ද සිය පක්ෂයේ සංවිධාන කටයුතු ආරම්භ කිරීමටයි භාරතීය ජනතා පක්ෂය සූදානම් වන බවද මෙහි සඳහන්ය .

. ඉන්දීය නිවාස අමාත්‍ය අමිත් ශාහා පවසන්නේ භාරතීය ජනතා පක්ෂය ගෝලීය පක්ෂයක් බවට පත්කිරීම මෙහි අරමුණ බවය.