යහපාලන රජය මගින් වසා දැමීමට හැදූ මගනැගුම සමාගම වත්මන් රජය යටතේ ඉතිහාසයේ පළමු වතාවට බිලියන 40 ට වඩා වැඩි වටිනාකමක් සහිත මහාමාර්ග සංවර්ධනයක් සිදුකිරීමට කටයුතු යොදා ඇත . .
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම යටතේ කිලෝමීටර් ලක්ෂයක මාර්ග සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක මගනැගුම සමාගම වර්තමාන රජය පත්වීමෙන් පසුව ඉතිහාසයේ පළමු වතාවට බිලියන 40 ට වඩා වැඩි වටිනාකමකින් සහිත මහාමාර්ග සංවර්ධනය කිරීම් මේ වන විට ආරම්භ කර ඇති බව එහි සභාපතිවරයා විසින් පසුගියදා පැවති සාකච්ඡාවක දී අනාවරණය කරන ලදී.
විශේෂයෙන්ම වසා දැමීමට ගිය මගනැගුම සමාගම ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයගේ උපදෙස් පරිදි දැඩි පරිශ්‍රමයක් යොදා නිසි කළමනාකරණයකින් යුක්තව වැඩකළ හැකි ආයතනයක් දක්වා ගෙන ආ බව මගනැගුම සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
එහිදී ඉදිරිපත් වූ කරුණු අනුව එම ආයතනය වෙත මෙතෙක් ඉතිහාසයේ ලබාදුන් වැඩිම මාර්ග සංවර්ධන කොන්ත්‍රාත් මුදල වර්තමාන රජය පත්වීමෙන් පසු ලබාදී ඇති බවත් දැනට මාර්ග 500 කට වඩා වැඩි ප්‍රමාණයක වැඩ කටයුතු ආරම්භ කර ඇති බවත් සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
එම සමාගම පිහිටුවීමෙන් පසුව මේ රජය පත්වීමට කලින් ලබා දී තිබූ වැඩිම කොන්ත්‍රාත් මුදල බිලියන 6 ක් පමණක් බවත් සභාපතිවරයා විසින් තොරතුරු අනාවරණය කරන ලදී.
එහිදී අදහස් දක්වමින් මහා මාර්ග අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ වර්තමාන රජය කොන්ත්‍රාත් ලබාදෙනවා මෙන්ම එම කොන්ත්‍රාත් නිසි ප්‍රමිතියෙන් යුතුව නිසි වෙලාවට වැඩ අවසන් කර භාරදෙනවාද යන්න පිළිබඳව සැලකිළිමත් වන බවයි. ගැටලු පවතිනවා නම් ඒවා වහාම තමා වෙත දැනුම් දෙන ලෙසත් අනාගතයේදී මීටත් වඩා නවීන තාක්ෂණය යොදවා කඩිනමින් සංවර්ධන කටයුතුවලට දායකත්වය දක්වන ලෙසත් සභාපතිවරයාට උපෙදස් ලබා දෙන ලදී.