දම්පත් රණසිංහ
අඟුණකොළපැලැස්ස බන්ධනාගාර නියාමකවරයකු පොලිස් විශේෂ බළකා අත්අඩංගුවට ගෙන තිබේ.
නියාමකවරයා සතුව තිබී හෙරොයින්, ගංජා සහ මත්පෙති ග්‍රෑම් 51ක් හමුවී ඇත.
ඔහු හසුවී ඇත්තේ විශේෂ කාර්‍ය බළකා නිලධාරීන් විසින් බන්ධනාගාරයේ පැමිණීමේ දොරටුවේදී රැඳවූවන් බැලීමට පැමිණෙන පුද්ගලයන් පරීක්ෂාවට ලක්කිරීමේ දී නියාමකවරයා සතුව තිබූ මත්ද්‍රව්‍ය හමුවී ඇත.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පැවැත්වීමට නියමිතය.