මාරවිල ප්‍රදේශයේ දී අද පෙරවරුවේ හෙරොයින් මත්කුඩු සහ මත් කුඩු සහ අයිස් මත්ද්‍රව්‍ය මත් ද්‍රව්‍ය කිලෝ බැගින් කිලෝ 200ක් අත්අඩංගුවට ගෙන තිබේ.
සුරාබදු දෙපාර්තමේන්තුවට ලද තොරතුරක් මත නාවික හමුදා සහය ඇතිව අද උදෑසන කරන ලද වැටලීමකදී මේවා සොයා ගෙන තිබේ.
මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවනු ලබන්නේ ඩුබායි සිට බව හෙළිවී තිබේ.
බෝට්ටුවකින් තොඩුවාව ප්‍රදේශයකට ප්‍රදේශයට ගෙනැවිත් මේවා වාහනයකට පටවාගෙන මාරවිල ප්‍රදේශයේ නිවසකට ගෙනැවිත් ඇත.
බූම් ට්‍රක් එකක් මත ඇති ජෙනරේටරයක සඟවා මේවා කොළඹට ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබී ඇත.
මෙම මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත ඉදිරි පැය කීපයේ දී බාරදීමට නියමිතය.