දකුණු මුහුදු තීරයේ තීරයේදී නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් කළ වැටලීමකින් අත්අඩංගුවට ගත් මත් ද්‍රව්‍ය තොගය මෙරට මුහුදු තීරයට රැගෙන ආ ඉරාන ජාතිකයන් රැගත් නෞකාව පලායමින් සිටියදී ඈත මුහුදේ දී කොටුකර ගැනීමට ආරක්ෂක අංශ සමත් වී තිබේ.
එම නෞකාවේ තවත් මත්ද්‍රව්‍ය කිලෝ සීයකට වැඩි ප්‍රමාණයක් ඇතැයි සැක කෙරේ.
අදාළ මත්ද්‍රව්‍ය තොගය මෙරට තවත් පිරිසකට ලබා දීමට සූදානම්ව තිබී ඇත.
එම මත්ද්‍රව්‍ය තොගේ ලබාගැනීමට කල්පිටියේ යාත්‍රාවක් ගොස් තිබී හමුවී තිබේ.
ඉදිරි දින දෙක තුළ එම නෞකාව ඉරාන ජාතිකයන් ද සමඟ කොළඹට රැගෙන ඒමට නියමිත ය.