සියලු වර්ගවල මත්පැන් සහ දුම්වැටි සඳහා වන නිෂ්පාදන බද්ද ඉහළ දමන බව මුදල් අමාත්‍යාංශය අද (03) නිවේදනය කළේය.
වයින්, බියර් ඇතුළු සියලුම මත්පැන් වර්ගවල නිෂ්පාදන බද්ද 20%කින් ඉහළ දමන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
දුම්වැටි සඳහා වන නිෂ්පාදන බද්ද ද 20%කින් ඉහළ දමන බව හෙතෙම කීය.
2023 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි දුම්වැටි සඳහා වන නිෂ්පාදන බද්ද ඉහළ නැංවේ.

