මදුරන්කුලියේ මද්‍රාසා පාසල්වලට මාපියන් අහිමි දරුවන් ගෙනත් දුන් සහරාන්ගේ ගෝලයෙක් අත්අඩංගුවට

Picture of අසංක

අසංක

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංග මදුරන්කුලියේ පිහිටි මද්‍රසා පාසලට මාපියන් අහිමි දරුවන් සොයා දුන් සහරාන්ගේ සම්බන්ධීකාරකවරයෙක් කල්පිටියේදී අද අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසිනි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කල්පිටියේ පදිංචිකරුවෙකි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කළේ එම මද්‍රසා පාසලේ දරුවන්ට සහරාන් ඇතුළු ඔහුගේ අනුගාමිකයින් අන්තවාදී දේශන, පුහුණු වීම් පවා ලබාදී ඇති බවයි.

එම මද්‍රසා පාසල පවත්වාගෙන ගිය මදුරන් කුළියේ ඉඩම මිලදී ගෙන ඇත්තේ පාස්කුදා මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ බෝම්බකරුවෙකි.

ෂැංග්‍රිලා සහ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් දෙකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ බෝම්බකරුවන් දෙදෙනා එම රාජ්‍ය නොවන සංවිධානයේ භාණ්ඩාගාරික සහ ලේකම් ලෙස කටයුතු කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කරගෙන තිබේ.

මාපියන් අහිමි දරුවන් මෙම පාසලට යොමු කර ඇත්තේ මට්ටක්කුළියේ පල්ලියක් හරහා බවද පරීක්ෂණ වලින් හෙළිවී ඇත.

මදුරන්කුළියේ මද්‍රසා පාසලේ දරුවන්ට කැළෑ සටන් සහ යුද අභ්‍යාස පවා ලබා දී ඇති අතර එම ස්ථානයද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයා ගෙන තිබේ.