සෞභාග්‍යයේ දැක්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට අනුව මධ්‍යම ආදායම්ලාභී පවුල් වෙනුවෙන් නිවාස ඒකක 5,000 ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අද ආරම්භ වේ .
.අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයේ ඔරුගොඩවත්ත ප‍්‍රදේශයේදීමෙම සමාරම්භක වැඩසටහන පැවැත්වීමට නියමිතය .
ප‍්‍රථම අදියර යටතේ ඔරුගොඩවත්ත, බ්ලූමැන්ඩල්, මාලඹේ, මාකුඹුර සහ බොරලැස්ගමුව යන ප‍්‍රදේශවල කොළඹ දිස්ති‍්‍රක්කවල සඳහා වෙන්වූ නිවාස ඉදිකෙරන බව නාගරික සංවර්ධන හා නිවාස සංවර්ධන අමාත්‍යංශය සඳහන් කර සිටී .
. ගම්පහ දිස්ති‍්‍රක්කයේ පෑලියගොඩ ප‍්‍රදේශයද, මහනුවර දිස්තී‍්‍රක්කයේ ගැටඹේ ප‍්‍රදේශයද මෙම ව්‍යාපෘති සඳහා තෝරාගෙන ඇත .
වසර දෙකක් තුළ එම නිවාස 5,000 ඉදිකර නිවාසලාභීන්ට ලබාදීමට කටයුතු කරන අතර මධ්‍යම ආදායම්ලාභී පවුල් වෙනුවෙන් නිවාස ඒකක 5,000 ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ මුල් අදියරේදී නිවාස 3000 ක් ඉදිකෙරෙනු ඇත.