මධුමාධව අදත් නෑ

Picture of අසංක

අසංක

ජනප්‍රිය ගායක මධුමාධව අරවින්ද මහතාට අද පෙරවරුවේ පොලීසිය හමුවේ පෙනී සිටින ලෙසට දන්වා තිබුණද ඔහු නොපැමිණි බව පොලීසිය පවසයි.

පසුගිය 13 වැනිදා මිනුවන්ගොඩ සිදුවූ කළහකාරී ක්‍රියාව සම්බන්ධයෙන් අද පෙරවරු 10.00ට ඔහුට ප්‍රකාශයක් ලබාදීමට පැමිණෙන්නැයි පොලීසිය විසින් දන්වා තිබුණි.

ඊයේ දිනයේ ද ඔහුට පොලීසියට පැමිණෙන්නැයි දන්වා තිබුණ ද මධුමාධව අරවින්ද මහතා පැමිණ තිබුණේ නැත.

කෙසේවෙතත් මධුමාධව අරවින්ද මහතා පවසා තිබුණේ තමන් පසුගිය 15 වැනිදා පොලීසියට ගොස් පැය 3ක කාලයක් එහි වාඩිවී සිටියද ප්‍රකාශයක් ලබා නොගත් බැවින් ආපසු හැරී තමන් ආ බවයි.