මධූෂ් එක්ක රියැලිටි තරු සහ නළු නිළියෝ 16ක් ඉඳලා

Picture of අසංක

අසංක

පාතාල නායකයකු හා මහාපරිමාණ මත්කුඩු ජාවාරම්කාර මාකඳුරේ මධූෂ් අත්අඩංගුවට ගන්නා විට එහි සිටි මෙරට රියැලිටි තරු හා ගීත ගයන නළු නිළියන් 16ක් ද සිට ඇතැයි වාර්තා වේ.

ඩුබායිහි පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය සමඟ අනුබද්ධව මෙරට රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීන් විසින් ඔවුන් හඳුනාගනිමින් සිටින බව The colombo Express වෙත අනාවරණය විය.

සිය අනියම් බිරිඳගෙන් මධූෂ්ට දාව උපන් දැරියගේ පළමු උපන් දින දා මෙම වැටලීම සිදුකොට ඔවුහු අත්අඩංගුවට ගැනිණ.

මිලියන ගණනක් වැය කොට ඩුබායි හෝටලයක ගත් මෙම උපන් දින සාදය පැවැත්වීමට පෙර සැලසුම් කර තිබුණේ නැවක බව ද වාර්තා වේ.

එම සැලසුම අසාර්ථක වීම නිසා මෙම හෝටලයේ සාදය ගෙන ඇත.

ගයාන් කුමාර වීරසිංහ