මධූෂ් කල්ලිය කොල්ලකෑ කෝටි 700 දියමන්තිය තවමත් ලංකාවේ

Picture of අසංක

අසංක

මහරගම ව්‍යාපාරිකයකුගෙන් පැහැරගත්තේ යැය කියන දියමන්තිය තවමත් මාකදුරේ මධූෂ් අතට පත්ව නැතැයි නවතම පොලිස් විමර්ශනයකින් හෙළිවී තිබේ.

එම දියමන්තිය තවමත් ඇත්තේ මෙරට තුළ බව විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අනාවරණය කරගෙන ඇත.

එම දියමන්තිය කපා ඔපමට්ටම් කිරීමට එය මෙරට සගවාගෙන සිටින පුද්ගලයා අවස්ථා කිහිපයකදීම උත්සහ දරා ඇති බව තොරතුරු ලැබී ඇතැයි උසස් පොලිස් නිලදාරියෙක් ද කලම්බෝ එක්ස්ප‍්‍රස් වෙත පැවැසීය.

ඒ සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනකුගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කරමින් ඇතැයි ද එම නිලධාරියා කීය.

ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ දියමන්ති සොයාගැනීමට හැකිවනු ඇතැයි ඔහු විහ්වාසය පළකළේය.

දියමන්තියේ හිමිකරු ද මේ වනවිට එම විශේෂ පොලිස් කණ්ඩායම හමුවට කැදවා ඇතැයි එම නිලධාරියා සදහන් කළේය.

එම දියමන්ති මංකොල්ලයට රිවෝල්වරයක් ද ලබාදුන් බව කියන තරුණයකු ද අද මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය විසින් කිරිබත්ගොඩදී අත්අඩංගුවට ගෙන තිබේ.

එම තරුණයා මාකදුරේ මධූෂ් ඉතා සමීපව ඇසුරු කරන්නෙක් බව ද පොලීසිිය කියයි.

ඩුබායි සිට මධූෂ් කළ ඉල්ලීමකට අනුව දියමන්ති කොල්ලයකට තමන් විසින් රිවෝල්වරයක් ලබාදුන් බව ප‍්‍රශ්නකිරීම් හමුවේ ඔහු පවසා තිබේ.

මෙම දියමන්ති මංකොල්ලය පසුගිය වසරේ නොවැම්බර් 05 වැනිදා ඔස්ටි‍්‍රයා ජාතිකයකු සම්බන්ධ කරගනිමින් සිදුවිය.

මෙම විදේශිකයා මධූෂ් විසින් එම කොල්ලයට කුලියට ගත්තකු බව ද අනාවරණය වී තිබේ.

දම්පත් රණසිංහ