මනම්පිටිය තොටලීය පාලමින් මගී බස් රථයක් අද සවස පෙරලීමෙන් බස් රථයේ ගමන්කරමින් සිටි මගීන් 09 දෙනෙකු මේ වන විට මියගොස් ඇත.
කදුරුවෙල සිට අක්කරපත්තු බලා ධාවනය වූ පෞද්ගලික බසයක් මෙසේ අනතුරට ලක්ව තිබේ.
මෙම පාලම අනාරක්ෂිත එකක් වන අතර ඒ තුළින් බස් රථය ධාවනය වෙමින් තිබියදී මෙම අනතුර සිදුව ඇත.
මෙම අනතුර සිදුවූ ස්ථානය අවට පදිංචිකරුවන් සහ මහ මග ගමන්කරමින් සිටි පිරිස් ඔයට වැටුණු බස් රථයේ සිටින පිරිස් බේරා ගැනීමේ කටයුතුවල මේ වන විටත් නිරතව සිටී.
තුවාලකරුවන් 20 දෙනෙක් පමණ මේ වන විට පොලොන්නරුව රෝහලට රැගෙන විත් ඇති අතර ඔවුන් අතර බරපතල තත්ත්වයේ සිටින අයද සිටින බව රෝහල් තොරතුරු අනාවරණය කළේය.