පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී.චානක මහතාගේ මෝටර් රථයට මත්කුඩු දමා අත්අඩංගුවට ගැනීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ඒල්ල වූ තංගල්ල කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල් මහතා එම චෝදනාව ප්‍රතික්ෂේප කර තිබේ.
ඒ පොලිස් විශේෂ විමර්ශන ඒ්කකය විසින් පොලිස් අධිකාරිවරයාගෙන් අද මේ පිළිබද ප්‍රශ්න කළ අවස්ථාවේ දී ය.
කෙසේවෙතත් එය එකවර පිළිගත නොහැකි බවත් ඒ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස විමර්ශන පැවැත්වෙන බවත් පොලිස් විශේෂ විමර්ශන ඒ්කකයේ උසස් නිලධාරියෙක් The Colombo Express වෙත පැවැසීය.
මෙම විමර්ශන අවසන් වනතුරු ලක්සිරි ගීතාල් මහතා තංගල්ල පොලිස් කොට්ඨාශෙයෙන් ඉවත් කරන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටීමට පියවර ගන්නා බව ඔහු කීය.
ලක්සිරි ගීතාල් මහතා සමග මෙම සැලසුම කළ බව කියන සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකුගෙන් ද ඉදිරියේදී ප්‍රශ්න කිරීමට බලාපොරොත්තු වන බව එම නිලධාරියා වැඩිදුරටත් සදහන් කළේය.
දම්පත් රණසිංහ