නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේදී මනාප ඡන්ද ක්‍රමය අහෝසි කළ යුතු බවට යෝජනා ගෙන එන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අවධාරණය කර සිටී .
ඒ අනුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේදී මැතිවරණ ක්‍රමය සංශෝධනය වියයුතු බවද ඒ මහතා පැවසීය .
මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමේදී සාධාරණයක් ඉටු කර ගැනීමට ඇති බාධා ඉවත් කළ යුතු බවද අමාත්‍යවරයා මාධ්‍ය වෙත අද කියා සිටියේය .
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ යෝජනා ව්‍යවස්ථා සම්පාදන කමිටුවට භාරදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය .