මරණීය දණ්ඩනය නියම වී සටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂක හිටපු නියෝජ්‍ය ඇමති ප්‍රේමලාල් ජයසේකර මහතා වෙනුවෙන් අභියාචනා පෙත්සමක් රත්නපුර පලාත්බද මහාධිකරණය වෙත අද පෙරවරු 9.25 භාර දී ඇත.
2015 වසරේ ජනාධිපතිවරණ සමයේ කහවත්ත නගරයේ දී පුද්ගලයෙකු මරණයට පත්කර තවත් දෙදෙනෙකු ට තුවාල සිදුකිරීම යටතේ නියෝජ්‍ය ඇමති වරයා ඇතුළු තවත් දෙදෙනෙකු ට පසුගිය ජූලි තිස්එක් වැනිදා රත්නපුර මහාධිකරණ විනිසුරු රොහාන් ජයවර්ධන මහතා විසින් මරණීය දණ්ඩනය නියම කරන ලදී.
හිටපු නියෝජ්‍ය ඇමති ප්‍රේමලාල් ජයසේකර මහතා වෙනුවෙන් අභියාචනා පෙත්සම ජනාධිපති නීතීඥ අනිල් ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි නීතීඥ චන්දික පීරිස් සහ නීතීඥ ජානක සුමේධ යන අය විසින් රත්නපුර පලාත්බද මහාධිකරණය වෙත භාරදී තිබේ.