මස් කඩ, සත්ව ඝාතකාගාර, වයින් ස්ටෝර්ස් හෙට වැසේ

Picture of අසංක

අසංක

හෙට (4) දින දිවයින පුරා පිහිටි මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන සහ මාංශ අලෙවි සැල් සහ සුරා සැල් වසා තැබීමට පියවර ගන්නා ලෙස රජය දන්වා තිබේ.

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

හෙටට යෙදී තිබෙන 72 වන නිදහස් දින සැමරුම නිමිත්තෙන් මෙම පියවර ගෙන ඇත.