මහ මැතිවරණය සදහා රුපියල් මිලියන 7000 ක පමණ මුදලක් වැය වෙතැයි මැතිවරණ කොමිසම ගණන් බලා තිබේ.
මැතිවරණ රාජකාරි කටයුතු සදහා ලක්ෂ තුනක පමණ රජයේ නිලධාරීන් පිරිසක් මෙවර යෙදවීමට සිදුවනු ඇතැයිද පැවසේ.
කෙසේවෙතත් මැතිවරණයේ ආරක්ෂාවට යොදවන නිලධාරීන්ට වැය කෙරෙන මුදල මෙම ඇස්තමේන්තුවට ඇතුළත් නොවේ.
මහා මැතිවරණයේදීද ඡන්ද මධ්‍යස්ථාන 12000 කට වැඩි ප්‍රමාණයක් ස්ථාපිත කෙරනු ඇති බව සඳහන් ය.