ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා තමන් වෙනුවට උගත් තරුණයෙකු ඉදිරිපත් කරන බව දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතා දෙමළ ජාතික සන්ධාන සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී අවධාරණය කර තිබේ.
ඒ අනුව ඉදිරි මැතිවරණයට තමා තරඟ නොකරන බවද මෙහිදී ඔහු පවසා ඇති බව වාර්තාවේ.
දෙමළ ජාතික සන්ධාන පක්ෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීම එම සන්ධානය නියෝජනය කරන ඉලංකයි තමිල් අරසු කච්චි, ප්ලොට් හා ටෙලෝ යන පක්ෂ ත්‍රිත්වයේ නායකයින් ඇතුළු ජ්‍යෙෂ්ඨයින්ගේ ප්‍රධානත්වයෙන් යාපනය ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂ කාර්යාලයේ දී පැවැත්විණි.