ඉදිරි මහමැතිවරණයේ ඡන්ද විමසීමේ කාලය පැයකින් දිර්ඝ කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.
ඒ අනුව ඡන්ද වීමසීමේ කාලය පෙරවරු 7.00 සිට පස්වරු 5.00 දක්වා දිර්ඝ කිරීමට තීරණය කළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.
මීට පෙර පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා කාලය තුළ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබුණි.
ලබන අගෝස්තු 05 වැනිදා මහමැතිවරණය පැවැත්වේ.